Followers

Friday, February 10, 2017

රණවිරු උන්මාදය සහ ගුණමකු කම


               වරක් මා එංගලන්තයේ රැකියාවේ යෙදී සිටින විට යම් දිනයක එරට රණ විරුවන් සිහි කරනු වස් විනාඩි කීපයක නිශ්ශබ්දතතාවයක් පවත්වන්නට යෙදුනා. මේ ගැන කෙටි හැඳින්වීමක් කල කාර්යාල සේවකයෙකු නැගී සිට නිශ්ශබ්දතාවය ආරම්භ  කිරීමෙන් පසු මා ඇතුළුව අන් අයත් මෙයට සහභාගී උනා. තිස් වසරක උද්ධයෙන් බැට කා ඇති ලංකාව සහ එයින් අප මුදවනු සඳහා අපමණ වෙහෙසක් ගත් රණ විරුවන් ගැන යම් හැගීමක් ඇති අයෙක් හැටියට මෙහි අමුත්තක් මට දැනුනේ නැහැ. එරට ජනතාව විසින් කල යුතු දෙයක් හැටියටයි මට මේ දේ දැනුනේ.

                මේ අතර ඊයේ මුහුණු පොතේ ලාංකිකයෙකු විසින් පල කරන්නට ලැබුණු පොස්ට් එකකින් කියවුනේ නාවික රණවිරුවන්ගේ තිරිසන් පැහැරගැනීම් හා කප්පම් ගැනයි, මෙය රණවිරු උන්මාදයෙන් පෙලෙන්නන් විසින් නොකියවිය යුතු බවත් ඔහු පවසා සිටියා. පහතින් ඔහු උපුටා ගත් ලිපිය දක්වා ඇති.

              http://ravaya.lk/?p=159323

               මේ වක්‍රාකාරයෙන් රණවිරුවන්ට පහර ගැසීමක් සහ ඔවුන් අගයන්නන් නිග්ග්‍රහයට ලක් කිරීමක්. නාවික බටයෙකු කල හෝ කරන වැරද්දක් නාවික "රණවිරුවකු" කරන්නක් බවත් රණවිරුවන් අගයන්නන්, එයටම මුවා වී වැරදි කරුවන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වීමෙන් ඔවුන් රණවිරු උන්මාදයෙන් පෙලෙන්නන් බවටත් ලියුම් කරු විසින් පූර්ව විනිශ්චයකට පැමිණ ඇති සෙයකි. එසේ නොවීනම් හිත මතාම රණවිරුවන්ට පහර ගැසීමට කරන උත්සාහයකි. එසේත් නැත්නම් තමන් අන් අයට වඩා වෙනස් බව පෙන්වීම සඳහා කරන බොළඳ උත්සාහයකි.

               ඔස්ට්‍රලියවේද රණවිරුවන් සැමරීමක් සිදු කෙරේ, ඉහත සඳහන් කල අන්දමේ නිශ්ශබ්දතාවයක් ඔස්ට්‍රලියවේදී සිදු කරන අතරතුර එසේ සිදු කරන්නන් රණවිරු උම්මත්තකයින් බව මෙම ලියුං කරු ඔවුන්ට පවසාවිද? බොහෝ විට සිදු විය හැක්කේ කීකරුව තමනුත් එම නිශ්ශබ්දතවයට සම්මබන්ද වීමයි. ඉන් පසු සිංහලයන් ඉදිරියේ සිංහ වෙස් ගෙන රණවිරුවන්ට කෘතඤ පූර්වකව කටුයුතු කිරීමේ පසුගාමී බව ගැන බණ දේශනා කරයි. 

               මේ අන් කිසිවක් නොව ගුණ මකු බවයි. තුවක්කුවක් අතට දී උඹේ ආරක්ෂාව උඹම බලාගනින් කියා උතුරට යව්වානම් කලිසමේ සුළු දිය යන්නන් වෙනුවෙන් නිර්භීතව තම ජීවිතය නොතකා සටන් කළවුන් උදෙසා යමක් කිරීම රණවිරු උන්මාදයද? ඔස්ට්‍රලියානු බටයෝ 1915 ගැලොපිලි ගොස් බ්‍රිතාන්‍ය වෙනුවෙන් සටන් වැදීම අදටත් ඔවුන් සමරයි, ශ්‍රී ලාංකිකයින්?

               හමුදාවෙන් පැන විත් මැර කම් කරන "ආමි සම්පත්ලා" ගැන කොතෙකුත් ලිපි ලියවී ඇතත් ඔවුන්ගේ පරමාර්ථය වූයේ රණවිරුවන්ට පහර ගැසීම නොවන නිසා "ආමි රණවිරු සම්පත්" යයි නොලීමට ඔවුන් වග බලා ගත්තා, රණවිරු උන්මාදයෙන් පෙලෙන්නන් විසින් නොකියවිය යුතු බවට ඔවුන් පාරම් බෑමක් කලා මතකත් නැහැ. එවන් සමාජයට වැඩදායි විවේචන සහ වාර්තා වලට කිසුදු විරොදයක් නැති බවත් කිව යුතුයි.

අපි ගුණමකුවන් නොවීමට වග බල ගනිමු.

2 comments:

  1. රණවිරු බයි ආතල් සුන් වී යාම පිළිබඳ හොඳම උදාහරණය රතුපස්වල මිනීමැරුම් ය.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුව පොඩි උන්නට වචන ගොඩක්. රණවිරු කියන්නේ කාටද? බයි කියන්නේ කාටද? රණවිරු බයි ආතල් කියන්නේ මොනවද? රතුපස්වල මිනීමැරුම සහ රණවිරුවන් අතර සම්බන්දය මොකක්ද යන දේවල් පැහැදිලි කරවද කරුණාකරලා?

      Delete