ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලන්කන්ස් ලාට ඉන්දියානුවන් පෙන්න්නට බැරිය. ආදරයට අපි උන්ට කියන්නේ ඉන්දියන් කාරයෝ කියාය.
ඉන්දියන් කාරයෝ කච බච ගගා මොනවදෝ දොඩවන අතර සුද්දෝ නං කිචි බිචි ගගා ලස්සනට ඉංග්‍රීසි කතා කරයි.
ඉන්දියන් මැනේජර් ල නං අරහං ය, සුදු මැනේජර් කෙනෙක් නං ඉතිං බැන්නත් කනට මී පැණි වක්කරනවා වගේලු.
ඉන්දියන් කාරයෝ දිවාලිද මොකක්දෝ මල මගුලකට ලයිට් දාගෙන ඕස්ට්‍රේලියාව කැත කරන අතර ඒ ලයිට් ටිකම ක්‍රිස්මස් එකට සුද්දෝ දාගත්තම ඉතිං 'ස්වීට් අනේ....'
සිඩ්නි වල 'The Ponds' පැත්තේ හිටපු කෙනෙක් දවසක් මට හම්බ උනා, ඌ ළඟදී 'Cherrybrook' කියන පැත්තට ගියා ලු. හේතුව අහුව්වම කිව්වේ මෙහෙම එකක්. "අපෝ Ponds වල ඉන්දියන් කාරයෝ වැඩියි, ගෙදර පිටි පස්සෙත් ඉන්දියන් කාරයෙක්, ඉස්සරහත් ඉන්දියන් කාරයෙක්, දෙපැත්තෙන් ඉන්දියන් කාරයෝ, මම එක විකුණලා Cherrybrook වලට ගියා'
මේ සේරම අල කලන්චි අස්සේ දුම්මල ගහලවත් එලෝ ගන්න බැරි ඉන්දියන් කාරයෙක් සිටී, උගෙන් නං බේරෙන්නම බැරිය, යන යන තැන පස්සෙන් එයි, සුද්ද තරං ලස්සනත් නැත, ඒ තමයි කන්නාඩිය ඉස්සරහට ගියාම ප්රාතීර් භූත වන ඉන්දියන් කාරයා, චීයා!